ගම්බිම් ගිය ජනතාවට කොළඹට ප්‍රවාහන පහසුකම් අදසිට.

දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංගමෙන් දැනුම් දී ඇත්තේ අලුත් අවුරුදු සදහා  ගම්බිම් බලා  ගොස් සිටින ජනතාවට අද සිට කොළඹට පැමිණීමට  ප්‍රවාහන පහසුකම් සලසා ඇති බවයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී N J ඉදිපොලගේ මහතා දැනුම් දී ඇත්තේ අද සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට යොදවා ඇති බවත් එම සේවාව එළබෙන 17 දක්වා ක්‍රියාත්මක කරණ බවයි.

තවද ලංකා ගමනාගමන මණ්ඩලයේ පණ්ඩුක ස්වර්ණ හංස මහතා දැනම් දී ඇත්තේ අද (15) සිට කොළඹට පැමිණීමට  බස් රථ යොදවා ඇති බයි.

ශ්‍රීලංකා පෞද්ගලික බස් සංගම්ද අද (15) දින සිට මගී ප්‍රවාහනය සදහා බස් රථ යොදවා ඇති බව සදහන් කොට තිබේ.

Exit mobile version