දිස්ත්‍රික්ක කිහිපයකම මේ වන විට මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල රු.20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණී කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් මාසය තුළ දී ජුනි සහ ජූලි මාස සඳහා වන පෝෂණ දීමනාව ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව වාර්තා වේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් තුළ ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවා තිබූ නමුත් මේ වන විට ලැබෙන ප්‍රතිපාදන මත අදියර කිහිපයක් යටතේ දිවයින පුරා අදාළ දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර ගර්භණී කාන්තාවන් සඳහා ලබාදෙන පෝෂණ දීමනාව ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ද ඉදිරිපත් කර ඇත.
