ගර්භනී මව්වරුන්ට බූස්ටර් මාත්‍රාව

කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ගර්භණී මව්වරුන් සඳහා ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

මෙම බූස්ටර් මාත්‍රාව ලබා දීම තුළින් ගර්භණී මව්වරුන්ට මෙන්ම ඉපදෙන්න සිටින දරුවාට ද රැකවරණයක් ලබාදෙන බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

පූර්ණ එන්නත්කරණය තුළින් ගර්භණියකට කොවිඩ් වැළඳුන ද ඉන් ඇතිවිය හැකි සංකූලතාවයන් මගහැරිය හැකි බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ අදහස් දක්වා ඇත.

Exit mobile version