ගලි වළකට වැටුණු පුද්ගලයන් කොළඹ ජාතික රෝහලට

කොළඹ මහනගර සභාවේ සේවකයින් දෙදෙනෙකු කොටහේන -හෙට්ටියාවත්ත මංසන්ධිය ආසන්නයේ ගලි වළකට වැටී තිබෙන බවට වාර්තා වේ.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් ඔවුන් මුදවා මීට ටික වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බවට රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කර ඇති අතර අද (27) පස්වරුවේ මෙම ගලි වළ හිස් කිරීමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

Exit mobile version