ගවයන්ගේ කිරි ගැනීමට ගිය අයකුට වන අලි ප්‍රහාරයක්.

ඊයේ (1) දින මාවනාගම ප්‍රදේශයේදී පුද්ගලයකු හට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ.

ප්‍රහාරයෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරන අතර මොහු ගවයන්ගේ කිරි ලබා ගැනීමට යමින් සිටියදේ මෙම අනතුරට පත්ව ඇති බවයි සඳහන් වන්නේ

ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57 වන දෙහිඅත්තකන්ඩිය මාවනාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.

මරණය සම්බන්දව වැඩිදුර පරීක්ෂණ දෙහිඅත්තකන්ඩිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version