තම බිරිදට පහර දී නිවසටද ගිනි තැබූ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පවුලේ ආරවුලක් මත යතුරුපැදියේ තිබු ඉන්දන නිවසට හලා ගිනිතබා සැකකරු පදිංචි මැඩෑමුල්ල ප්‍රදේශයෙන් පැනගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
මෙම සැකකරුට එරෙහිව අධිකරණයේ තවත් නඩු කිහිපයක් ඇති බව හා මොහු මිනුවන්ගොඩ අධිකරණයට අද (8) දින ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කර තිබේ.
