ග්‍රාම නිලධාරීන් නිවසට නොපැමිණියේ නම් දැනුවත් කරන්න.

මෙම වර්ෂයට අදාළ ඡන්ද නාමලේඛන සංශෝධන සංගණන කටයුතු සදහා තම ග්‍රාම නිලධාරීවරයා නිවසට නොපැමිණියේ නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළ බව වාර්තා වේ.

ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට අදාළ සංගණන කටයුතු ජුනි මස 16 වනදායින් අවසන් වීමට නියමිතව තිබූවත් , ග්‍රාම නිලධාරීවරුන් හට මුහුණපෑමට සිදුව ඇති ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ඡන්ද නාමලේඛන සංශෝධන කටයුතු අදාළ දිනයට අවසන් කළ නොහැකි බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version