අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් අද (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී තිබේ (වීඩියෝ)
එහි ප්‍රදේශවාසී පාපන්දු ක්‍රීඩකයන් හා පාපන්දු ලෝලීන් කියා සිටින්නේ මේ සංගීත සංදර්ශනය හේතුවෙන් එම ක්‍රීඩා පිටිය විනාශයට පත්වන බවයි.කොරෝනා වසංගතය හේතුවෙන් වල් බිහිවී විනාශවී තිබූ මේ පාපන්දු පිටිය පස් යොදා නැවත පිළිසකර කර ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි.
කෙසේවුවද, එම පාපන්දු පිටියේ සංගීත ප්‍රසංගය පැවැත්වීමට අවසර ලබාදී ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණෙන් (පොහොට්ටුව) ගාල්ල නගරාධිපති ධූරයට පත්වූ ප්‍රියන්ත ජී. සහ බන්දු මහතා විසින් බව වාර්තා වේ.
එසේම ඒ මහතා මෙසේ අවසර නොදුන්නේ නම් ඉරාජ්ට මෙසේ අපකීර්තියක් අත් නොවනු ඇත. සිංහරාජය පිලිබදව ඇති වු ගැටලුවේදීද එම ස්ථානයට ගොස් වීඩියෝවක් මුදා හැරියේය.
