ඊයේ (15) දින රාත්‍රී කාලයේ ගාල්ල, දඩල්ල ප්‍රදේශයේදී යම්කිසි පුද්ගලයකු විසින් කරනලද වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් දෙදෙනකු තුවාලලබා ඇති අතර මිය ගොස් ඇත්තේ වයස 36 ක් වන පුද්ගලයකු බව සදහන්වේ.
ඊයේ රාත්‍රී කාලයේ සංවිධානය කර තිබු DJ සංගීතයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුවතිබේ.
මියගිය පුද්ගලයා හා ඝාතකයා ඥාති සහෝදරයන් වනබවත් ඔහුන් දෙදෙනා නීති විරෝධී මත්පැන් ජාවාරමම් සම්බන්ධයෙන් කාලයක සිට අමනාපයෙන් සිටි බව සදහන්වේ.
ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
