ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අහේනියට බලපෑ හේතුව වන පාලක පන්තියට එරෙහිව “නිරපාක්ෂික අරගලය “, “ආදරයේ අරගලය” යන නාමයන්ගෙන් පැවති ආණ්ඩුවිරෝදී අරගලය නූතන ලෝකයේ පැවති ෙඑතිහාසික අරගලයකි. එහිදී ආරක්ෂක අංශ විසින් නිරායුධ සාමකාමී ජනතාවට දැඩි පීඩාවක් එල්ල කළේය. නමුත් එය අවිහිංසාවාදී විය. ආරක්ෂක අංශ දැඩි ප්‍රහාර එල්ල කලද ප්‍රථමව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද, දෙවෙනිව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද, තෙවෙනිව අධිබල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පලවා හැරීමට ශ්‍රී ලංකාවේ එකමුතු ජනතාව සමත් විය.
අද වන විට අරගලය අවසන් කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවද නොරහසකි. පොදුජන පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයන් මෙම අරගලයට වෛර කරති. කෙසේ වෙතත් 80% ක්ම මේ වන විට කියා සිටින්නේ අරගලය අවසන් කරමින් නව ජනාධිපතිගේ දැක්මට ඉඩ සලසා දිය යුතු බවයි. මධ්‍යස්ත මාධ්‍යකරුවන් ලෙස අපද සිටින්නේ එම මතයේමය.
කෙසේ නමුත් නූතන ලෝකයේ ඉතිහාසගතව තිබෙන හොර, දූෂිත පාලකයන්ට එරෙහි “ ජනතා අරගලය” අද සිට අවසන් කිරීමට තීරණය කර තිබේ. අරගලයට එරෙහිව කටයුතු කල පොදුජන පෙරමුණේ ප්‍රහාරකයන් , ආරක්ෂක අංශ ප්‍රහාරයන් හේතුවෙන් මිය ගිය, තුවාල ලැබූ මෙන්ම විවිධ අබාධවලට ලක් වූ පුද්ගලයන් නූතන අරගලයේ විරුවන් බවට මතු දිනයක ශ්‍රී ලංකා ඉතිහාසයේද ලියවෙනු ඇත. එසේම ජීවත්ව සිටින අරගලයේ සත්‍ය නායකයන් ” සැබෑ නායකයන්” ලෙසද ඉතිහාසයේ ලියවෙනු ඇත. එසේම අරගලය ඇතුලට ගොස් එය විනාශ කිරීමට කටයුතු කරමින් අහිංසක අරගලකරුවන්ට එරෙහිව කටයුතු කල පුද්ගලයන් ” පාවා දුන් පුද්ගලයන්” ලෙසද ඉතිහාසයට එකතු වනු ඇත.
කෙසේ නමුත් දූෂිතයන්ගෙන් වැසි ගිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය සුද්ධ කිරීම ජනාධිපතිවරයාට ලෙහෙසි පාසු කාර්යයක් නොවනු ඇත. නූතන ලෝකයේ ෙඑතිහාසික අරගලයේ “ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් “ පහත මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.
මාධ්‍ය නිවේදනයයි,
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ගාලුමුවදොර මෙහෙයුම් අවසන් කිරීම
2022 අප්‍රේල් 09 වැනිදා එක් අරමුණක් වෙනුවෙන් කොළඹ ගාලුමුවදොරට පැමිණි අතිවිශාල ජනතාවකගෙන් ඇරඹි ගෝල්ෆේස් අරගල භූමියේ සිටි කණ්ඩායම් අතර ‘සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව’ ලෙස අපි ස්ථානගත වීමු.
ගාලුමුවදොර උද්ඝෝෂණ ස්ථානය මූලික කොටගනිමින් බිහිවුණු ‘ගෝඨාගෝගම’ට සමගාමීව එහි ස්ථාපිත කෙරුණු මුල්ම කණ්ඩායම් අතරින් එකක් ලෙස අප එකමුතුව එදා සිට මේ මොහොත දක්වාම ‘අරගලයේ සමාජ මාධ්‍ය භූමිකාව’ට වඩා ප්‍රශස්ත හා සාධනීය කාර්යභාරයක් ඉටු කළ බව අපි විශ්වාස කරමු.
විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සහ එහි හිතෛෂී බලවේග ලක්ෂ ගණනින් මුදල් වඅය කරමින් අරගලයට විරුද්ධව, අරගලය දියාරු කරවන සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන විට, ඒ සියල්ල යටපත් කරවමින් අරගලයේ සැබෑ තතු සහ තත්ත්වයන් සමාජ මාධ්‍ය අවකාශ තුළ තහවුරු කරන්නටත්, අරගලයේ නිශ්චිත තත්ත්වයන් සමාජ මාධ්‍ය තුළ සටහන් කරන්නටත් අප එකමුතුව දිවා රෑ නොබලා එකා සේ වෙහෙසී කටයුතු කිරීම සතුටට කරුණකි.
එමෙන්ම මැයි 09වැනිදා ආණ්ඩුවේ කුලී මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ඇතුළු ඊට පෙර හා පසු අරගලයේ සුවිශේෂී සන්ධිස්ථාන සමාජ මාධ්‍ය තුළ වාර්තා කිරීමටත්, ඒවා ලෝකය පුරා රැගෙන යන්නටත් අප සාමාජිකයන් සිය සමාජ මාධ්‍ය අවකාශ සහ වේදිකා භාවිත කළ ආකාරය ප්‍රශංසනීය ය.
තවද අප සාමාජිකයන් උක්ත සියලු කාර්යභාරයන් නොපිරිහෙළ ඉටුකළේ කිසිදු මූල්‍යමය හෝ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොව හුදෙක් රට වෙනුවෙන්, අරගලය වෙනුවෙන් තමන්ට පැවරී ඇති ජාතික වගකීම සිය යුතුකමක් සේ සලකමින් බවද සිහිපත් කළ යුතුය. එහිදී ගෝල්ෆේස් අරගල භූමියේ මෙන්ම ඉන් පිටතද, විශේෂයෙන් විදෙස්ගතව සිටියදී පවා සිය සමාජ මාධ්‍යමය කාර්යභාරය අකුරට ඉටු කළ අප සාමාජිකයෝ බොහෝ පිරිසක් වූහ.
කෙසේ වුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව ලෙස අපි අද (05දා) ගාලුමුවදොර අරගල භූමියේ අපගේ මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තෙමු. එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු.
එහෙයින් මේ දක්වා සිදු කරගෙන ආ පරිදිම ඉදිරියටත් එකමුතුවක් සහ කණ්ඩායමක් වශයෙන් අප පොදු මහජන අරගලයේ සමාජ මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා ඉටු කිරීමට මැදිහත් වන බවද මෙයින් දැනුම් දෙමු.
අවසාන වශයෙන් ගෝල්ෆේස් අරගලයේ ආරම්භක මොහොතේ පටන් මේ දක්වා අප පිළිබඳ ඔබ තැබූ අචල විශ්වාසයට අපගේ ගෞරවනීය ආචාරය පිරිනමමු. ඉදිරියටද සමාජ මාධ්‍ය පරිශීලකයන් සහ රටේ පුරවැසියන් ලෙස අප සමග එක්ව මේ පොදු මහජන අරගලය ජනතා ජයග්‍රහණයකින් කෙළවර කිරීම සඳහා එක්ව කටයුතු කරන්නැයිද හෘදයාංගමව ඉල්ලා සිටිමු.
— සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව
( සමාජ මාධ්‍ය වලින් උපුටාගෙන මෙහි පලකරන ලදී. අප විසින්ම ලබා ගත් නිවේදනයක් නොවේ)
