ගාසා – ඊශ්‍රායල ගැටුම් – පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නායකයකු මරුට.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට  ගුවන් ප්‍රහාර  එල්ලකොට ඇති බවත් එම ප්‍රහාර හමුවේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල කල  ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයකින් එම නායකයා ඇතුළු දෙදෙනකු මිය ගොස් ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

එම ප්‍රහාර හමුවේ  ගාසා තීරයේ සටන්කාමීන් විසින් ඊයේ (10) දිනයේ ඊශ්‍රායලය වෙත  රොකට් ප්‍රහාර 460 ක් පමණ  එල්ල කර ඇති බවත්  ඊශ්‍රායල හමුදා විසින් ද ගාසා තීරයේ හදුනා ගත  ඉලක්ක 130 කට පමණ ප්‍රහාර එල්ල කර ඇති බව සදහන් වේ.

මෙම ගැටුම්  මාස 09 කට පමණ පසු ගාසා තීරයේ ඇති වූ දරුණුතම ගැටුම් ලෙසයි  සැලකෙන්නේ.

Exit mobile version