ගැටුමෙන් අහිමි වූ ජීවිතයක්

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් එක් අයකු මිය යාමේ පුවතක් උඩුදුම්බර  වුඩ්සයිඩ් ගම්මානයෙන් වාර්තාවේ.

මෙම මරණය සිදුව ඇත්තේ තියුණු ආයුධ වලින් පහර දීමෙන් ඇති වූ කැපුම් තුවාල හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුම ඊයේ (8) රාත්‍රියේ ඇති වී ඇති අතර මිය ගිය තරුණයාගේ සහෝදරයකු හා පියාද බරපතළ තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබයි.

මියගිය තරුණයා 26 හැවිරිදි මැදමහනුවර දෙමටගස්තැන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඝාතනයේ සැක කරු කැපුම් තුවාල සහිතව පොලිස් ආරක්ෂාව යටතේ තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

උඩුදුම්බර පොලීසිය සිධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරණු ලබයි.

Exit mobile version