අද (01) රැස්වූ වෙළඳ අමාත්‍යංශයේ විශේෂ උපදේශක කාරක සභාවේ දී මේ වන විට ගෑස් ආශ්‍රිතව සිදුවීම් 34ක් සිදුව ඇති බවට අනාවරණය වී ඇත.
එමෙන් ම මෙම ගෑස් ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද එම උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත.
මෙම උපදේශක කාරක සභාව අද (01) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණි.
එමෙන් ම ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, මොරටුව විශ්වවිද්‍යාලයේ නියෝජිතයින්, ලිට්රෝ සහ ලාෆ් සමාගම්හි ප්‍රධානීන්, ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරීන් පිරිසක් , ප්‍රමිති ආයතනය ඇතුළු තවත් ආයතන රැසක් එක්ව ඇත.
මෙහි දී අදහස් දක්වමින් පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ මෙම ගෑස් සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම් සලකා බලන විට කිසිදු සිදුවීමක ගෑස් සිලින්ඩරවල පිපිරීමක් සිදුව නොමැති බවත් ,ඒ සියල්ල ගෑස් උඳුන්වල භාවිතා කරන උපකරණ ආශ්‍රිතව සිදු වූ පිපිරීම් බවත් ය.
