දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම මේ වන විට ගෑස් කාන්දු වීම නිසා සිදු වූ අනතුරු කිහිපයක් ම වාර්තා වී ඇත.
මේ නිසා ගෑස් කාන්දුවක් ඇති අවස්ථාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ.එස්.කලන්සූරිය මහතා විසින් මේ පිළිබඳව පැහැදිලි කරන ලදී,
ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ, ගෑස් කාන්දුවක් ඇති ස්ථානයක ගිනිගන්නා සුළු කිසිවක් නොතබන ලෙසත්, ගෑස් සිලින්ඩරය එහා මෙහා ඇදීමෙන් වළකින ලෙසත්, මෙවැනි අවස්ථාවක දී ගෑස් සිලින්ඩරය කෙලින් අතට ඔසවා ඉවත් කළ යුතු අතර ඊට ආධාරකයක් යොදා ගැනීම කළ යුතුව ඇත බවත් ය.
එමෙන් ම ඔහු සඳහන් කරන්නේ පසුගිය දිනවලදී වාර්තා වූ බොහෝ අනතුරුවලට හේතු වී ඇත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් නොතිබීම වන අතර ගෑස් භාවිතයෙන් පසු එය නිසි පරිදි ක්‍රියාවිරහිත නොකිරීම බවයි.
ගෑස් ලිපක් භාවිතයේ දී ඉතාම පරීක්ෂාකාරී හා අවධානයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතා වැදගත් වන අතර මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වීම තුළින් අනතුරු විශාල ප්‍රමාණයක් වළකා ගැනීමේ හැකියාව ද පවතියි.