ගෑස් ගන්න පෝලිම්වල රැඳෙන්න එපා – ලිට්‍රෝ සමාගම

ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තොග ලැබෙන තෙක් ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකි බවය.

කෙසේවෙතත් දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සපයන බවද සභාපතිවරයා සඳහන් කරයි.

මේ අතර අවශ්‍ය ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවත් ඒ අනුව ගෑස් නැව් දෙකක් එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා අපේක්ෂාවෙන් සිටින බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

Exit mobile version