ගෑස් තවදුරටත් ගෑස් පෙන්නයිද?

තවත් සති 03ක පමණ කාලයක් ගෑස් බෙදාහැරීම කල් යන බවයි ලිට්‍රො සමාගම සඳහන් කළේ.

මීට ඉහත දී භාවිත කරන ලද ගෑස් සිලින්ඩර යළි භාර ගැනීමට කටයුතු කළ බැවින් මෙලෙස ගෑස් බෙරාහැරීමේ කටයුතු ප්‍රමාදවන බවයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නියමිත ප්‍රමිතියට අනුකූලව කටයුතු කර තත්ත්ව පාලන පරීක්ෂණ සිදු කිරීමේ දී ගෑස් සිලින්ඩරවලින් 30%ක පමණ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වන තත්ත්වයක පවතින බවයි.

ලිට්‍රො සභාපතිවරයා ප්‍රකාශ කළේ මේ වන විට අවශ්‍ය කරන උපකරණ ආනයනය සඳහා පියවර ගෙන ඇති අතර , ඒ අනුව තවත් සති 03ක පමණ කාලයකින් අනතුරුව ලිට්‍රො ගෑස් නිෂ්පාදනය පෙර පැවති ධාරිතාවයට ගෙන ඒමට හැකියාව ඇති බවයි.

Exit mobile version