ගෑස් පිපිරීමකට නුවර කතක් බිළි

ගෑස් පිපිරීමක් හේතුවෙන් වාර්තා වූ පළමු මරණය මෙලෙස නුවර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මෙම අනතුර පසුගිය 01 වනදා සිදුව ඇති අතර ඉන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ එම නිවසේ 51 හැවිරිදි ගෘහනිය මහනුවර රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

ඒ අනුව ඇය මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 12 හි දින 10ක් පුරාවට ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) රාත්‍රියේ දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ගෑස් පිපිරීම සිදුව ඇත්තේ කුණ්ඩසාල, නත්තරම්පොකුණ ,අංක 177/77 දරණ නිවස තුළ වන අතර ඔවුන් එම නිවසේ කුලී නිවසියන් ලෙස ජීවත් වූ පවුලකි.

Exit mobile version