ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ මිල පහළ යාම් සැලකිල්ලට ගනිමින් ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු.200 – 300 ත් අතර අගයකින් පහත දැමීමට නියමිත බව එම සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
