ගෑස් මිල පහළ දමයි.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ගණන් පහත දැමීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.271 කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.4,280ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර ලිට්‍රෝ කිලෝග්‍රෑහම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රු.107කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.1,720ක් වශයෙන් සටහන්ව ඇත.

එමෙන්ම ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රු.48 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.800 ක් ලෙස සටහන් වේ.

Exit mobile version