ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මාසිකව සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව සදහන්.
එම තත්ත්වයන් සලකා බලා ගෑස් මිල සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
