ගෑස් හිඟය තවදුරටත්

දැනට පවතින තත්ත්වය අනුව රට තුළ පවත්නා ගෑස් හිඟය අවසන් වීමට තවත් දින කිහිපයක් ගතවන බව ගෑස් නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් තවදුරටත් ගෑස් ආනයනයට බාධා හිමිවන මතුව ඇති බවයි ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්.වෑගපිටිය මහතා සඳහන් කළේ.

කෙසේ නමුත් ලාෆ් සමාගමට අයත් ගෑස් ටොන් 10,000ක් අඩංගු නේකාවක් පසුගිය (11) වනදා මෙරටට පැමිණ ඇත.

අදාළ ගෑස් තොගය නියමිත ප්‍රමිතියට අනුකූල වන බවට තහවුරු වීමත් සමග ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද එහි සභාපති වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version