ගින්නකින් වෙළදසැල් 100ක් විනාශවේ.

හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට අයත්  බුද්ධගයාවේ  වෙළෙඳපොළක් ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන ඇති බවත් ගින්න හේතුවෙන් එහි තිබූ වෙළෙඳසැල් 100කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බවත් විදෙස් මාද්‍ය වාර්තා කර තිබේ.

මෙම ගින්න වැඩි වීමට හේතු වී ඇත්තේ  ගින්න හටගැනීමත් සමඟ වෙළෙඳසැල් තුළ තිබූ ගෑස් සිලින්ඩර පුපුරා යාම වන අතර යතුරුපැදි 6 ක් ද ගින්න හේතුවෙන් විනාශ වූ බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුරින් ජීවිත හානි කිසිත් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සදන්වේ.

Exit mobile version