ගින්නෙන් ඇති වූ පිපිරීමක්.

කසල ගොඩකට ගිනි තැබූ ගොවියෙකු එම කසළ ගොඩෙහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් තුවාල ලබා මුලතිව් මාන්චෝල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 68 හැවිරිදි මුලතිව් කුමලමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මුලතිවු පොලිසිය විසින් මේ සම්බන්ධව විමර්ශන කිරීමේ දී හෙළි වී ඇත්තේ යුද සමයේ අතහැර දමා ගොස් ඇති යම් පුපුරන ද්‍රව්‍යයක් ගිනි ගොඩට හසුවී මෙම පිපිරීම සිදු වන්නට ඇති බවයි.

Exit mobile version