ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සඳහා වන කාලසීමාව ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව 2021 දෙසැම්බර් 01 වනදා සිට 2022 පෙබරවාරි 28 වන දා දක්වා ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතනයන්හි 2022 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යංශය විසින් සඳහන් කරන්නේ.
එමෙන් ම වලංගු බලපත්‍රක් නොමැතිව ගිනිඅවි සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
