ගිනි අවියක් සමග කතක් මාට්ටු .

මිලිමීටර් 9 වර්ගයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් එහි ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සමඟ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය,හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

සැකකාර කාන්තාව මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබාගෙන සිටියේ කුමකටදැයි යන්න මෙතෙක් හෙළිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කරගෙන යන බව වාර්තා වේ .

Exit mobile version