අත්‍යාවශ්‍ය ඖෂධවත් නොමැතිව, අහාරද ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව වැසියන් දුක් විදිමින් සිටින අතරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු නිලධාරින් 5 ස් දෙනෙකු පසුගිය 20 වැනිදා සිට විදේශ සංචාරයක නිරතව සිටින බව වාර්තා වෙයි.
මීට සති කිහිපයකට පෙර මුදල් අමාත්‍යාංශය විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කරමින් සියලු රාජ්‍ය සේවකයන් සදහා විදේශ සංචාර, විදේශ පුහුණු වැඩසටහන් ආදිය අවලංගු කර තිබේ.
අපට ලැබී තිබෙන තොරතුරුචාලට අනුව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා හිග ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලේඛනයක් ඉල්ලා එයද මේ වන තෙක්ම ලබා දී නැති අතර, ඔවුන් මෙසේ සංචාරය කර තිබෙන්නේ ජිනීවා දක්වා වන අතර ඔවුන් ගමන් කල ගුවන් යානයේ සුඛෝපබෝගී අංශයද රජයේ මුදලින් වෙන් කරවාගෙන තිබේ. එසේම එක් අයෙකුට කිලෝ ග්‍රෑම් 40 දක්වා භාණ්ඩ රැගෙන ඒම සදහා අවශ්‍ය මුදල්ද අමාත්‍යාංශය මගින් අනුමත කර තිබෙන බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් ඔවුන් මෙසේ සංචාරය කරනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමුළුවට සහබාගිවීමටයි. නමුත් ඒ සදහා එක් නිලධාරියෙකු සහභාගී වීමද ප්‍රමාණවත් බව සෞඛ්‍ය සේවයේ විශේෂඥයන් පෙන්වා දෙයි.
මේ සදහා සහබාගි වී සිටින්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය එස් ශ්‍රී ධරන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේඛ ලේඛම් වෛද්‍ය එල් සී සෝමතුංග, සහ අතිරේක ලේඛම් වරයෙකු වන එස් එස් දොලමුල්ල යන අය බව සදහන් වේ.
රටේ මිනිසුන් මැරෙන්නට හැර සෞඛ්‍ය සේවයේ බලධාරීන් තම ආත්මාර්ථකාමීතත්වයන් වෙනුවෙන් කටයුතු කිරීමෙන් පෙනී යන්නේ රටේ ඉහල පුටුවල සිටින බහුතරයකට ශ්‍රී ලංකාවෙන් වැඩක් නැති බවත්, මෙරට විනාශ කිරීමේ කටයුතු සිදු කලේද ඉහල පුටුවල සිටින ආත්මාර්ථකාමී නිලධාරින් බවයි.
