ගිලන්රථ සඳහා අධිවේගයට නොමිලේ පිවිසුම්

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගයන්ට පිවිිසන සියලුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බවයි.

රජයේ රෝහල්වල මෙන් ම පෞද්ගලික රෝහල්වලට අනුබද්ධ ගිලන් රථ ද මෙලෙස අධිවේගී මාර්ගයන්හි ගාස්තුවෙන්  නිදහස් කර ඇත.

මීට පෙරදී  ගිලන්රථ සඳහා අධිවේගී මාර්ග ගාස්තු අයකළ අතර කොවිඩ් වසංගත සමයේ දී ගිලන්රථ මාර්ග ගාස්තුවෙන්  තාවකාලිකව නිදහස් කර තිබුණි.

Exit mobile version