ගී පද මැවීමේ නිර්මාතෘ දිවියෙන් සමු ගනියි.

ප්‍රවීණ ගී පදරචක ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු දිවි මඩලෙන් සමුගන්නා විට වයස අවුරුදු 63 වියේ පසු විය.

ඔහු මෙසේ අභාවප්‍රාප්තව ඇත්තේ අද (14) අලුයම ඇති වූ හදිසි හෘදයාබාධයකින් බව වාර්තා වේ.

ඔහු විසින් පද රජනය කරන ලද ජනප්‍රිය ගීත අතරට රන්ජන් රාමනායක මහතා ගයන “රන් සමනල ජෝඩුව වාගේ”, ජිප්සීස් කණ්ඩායම ගායනා කරන “ඔබ ඉන්නේ කොහෙද කියා”, මිල්ටන් මල්ලවාරච්චි ගයන “සීතල හිම රටේ” යන ගීත ඇතුළත් වේ.

Exit mobile version