අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබෙන අතර එම යෝජනාවන් එලඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
වැටුප් විශමතා ගැටලුව හේතුවෙන් ගුරු-විදුහල්පතිවරුන් විසින් ආරම්භ කරන ලද ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්ව කරන ලද වර්ජනයට අදට දින 50ක් ගතවී ඇත.
අවස්ථා ගණනාවක දී කැබිනට් අනුකමිටුව ගුරු සංගම් සමග එක්ව සාකච්ඡා කළ අතර අනතුරු එම සාකච්ඡා ඔස්සේ පැමිණි යෝජනා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.