ගුරු විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බාධා.

හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මත විභාගය පැවැත්වෙන දිනයක් ප්‍රකාශ කරන බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී.

Exit mobile version