හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක් ගුවන් ගත කිරීමට පෙර ගුවන් යානයේ රෝදයක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරින් මගීන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මගීන් යානයෙන් ඉවතට ගැනීම සඳහා පූර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමේ දී සිදු වූ අනතුරින් මෙලෙස මගීන් තුවාල ලබා ඇති බව සඳහන් වේ.
එමෙන්ම තුවාල ලබා රෝහල් ගත කළ පිරිසගෙන් 9 දෙනෙක්ම ප්‍රතිකාර ලබා ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ.
මෙම ගුවන් යානයේ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනෙකු සහ මගීන් 293 දෙනෙකු සිට ඇත.
