ගුවන් යානයක් අනතුරට ලක්වෙයි.

passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

පිලිපීනයේ සීබු ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ලිස්සා ගොස් කොරියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇත.

කෙසේ නමුත් මෙයින් යානයේ සිටි කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බව එම ගුවන් සමාගම නිවේදනය කර ඇත.

මෙම අනතුර ඊයේ (23) සවස සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 173 දෙනෙකු සිටි බව වාර්තා වේ.

අයහපත් කාලගුණ තත්ත්වය සමග යානය ගොඩබාන අවස්ථාවේ දී මෙසේ ලිස්සා ගොස් ඇති බව වාර්තා වේ.

මෙම‌ යානය සෝල් නගරයේ සිට සිබූ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

Exit mobile version