ගුවන් හමුදාව භීෂණ සමයේ වධ දීලා – සිවිල් වැසියන්ගෙන් චෝදනා.

අප නිරන්තරයෙන්ම සදහන් කරන ප්‍රධානතම කාරණය වන්නේ දේශපාලන අතරමැදියන් සේ කටයුතු කරන විට සියලු ආරක්ෂක අංශ කල්පනාවෙන් වැඩකටයුතු කල යුතු බවයි. නමුත් අප සදහන් කරන කිසිදු කාරණාවකට ඇහුන්කන් දෙන ආරක්ෂක අංශ නොදුටු නමුත් සමහර කාරණාවලදී පමණක් වගකිව යුතු ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුනු අවස්ථා ද ඕනෑ තරම් තිබේ. නමුත් බොහෝ පුද්ගලයන් තමන්ගේ හෙට දවස දුටුවේ උසස්වීම් ඇතුලු පටු පරමාර්ථයන් ඔස්සේ පමණි.

එසේම මේ වන විට තාක්ෂණය ඉහලින්ම තිබේ. වීඩියෝ දර්ශන ලබා ගැනීමට වෙනදා මෙන් එම ස්ථානයටම යා යුතු නැත. කිලෝ මීටර් ගණන් දුර සිට ඕනෑම පුල්ගලයෙක් කථා කරන දේ පවා ලබා ගැනීමට තරම් තාක්ෂණය දියුණුව තිබේ. ලෝකය ගැන හෝ සිවිල් සමාජය පිලිබදව කිසිදු ආකාරයක දැනුමක් නැති හමුදා භටයන්ගේ ම්ලේච්ඡත්වය දිගින් දිගටම දක්නට හැකි විය. මෙහි අවසන් ම්ලේච්ඡත්වය අප සජීවීව දැක බලාගත්තේ මීට දින දෙකකට පෙරය. ගුවන් හමුදාව තුල විශිෂ්ඨ නිලධාරීන් සහ භටයන් සිටී. නමුත් පසුගිය දා ගාලුමුවදොර අවට සැරි සැරුවේ ගුවන් හමුදාවේ ම්ලේච්ඡ අනුඛණ්ඩයක් බව මානව ම්ලේච්ඡ නොවු පුද්ගලයන් පක්ෂ බේද නොතකා තීරණය කර තිබේ. එම සිද්ධිය ශ්‍රී ලංකාවේ සිටින්නේ ම්ලේච්ඡ හමුදාවක් බවට ලෝකය තහවුරු කරගත් අතර ආරක්ෂක හමුදාවන්ට එරෙහිව සිදුවන කටයුතු වලට පෙනී සිටින සිවිල් ප්‍රජාව අහිමි වීම දේශපාලනය තුලින් නිවැරදි කල නොහැක. මේ සටහන අප උපුටාගන්නේ මුහුණු පොතෙනි. ගුවන් හමුදා භටයන්ගේ ම්ලේච්ඡ හැසිරීම පහර කෑ පුද්ගලයෙක් සටහන් කර තිබෙන්නේ මෙසේය.

” 🔴🔴 අපි පුරා මාස තුනකට කාලයක් අරගලය කරනවා.අපි හමුදාව, පොලිසිය, STF එක ඔය හැම කෙනෙක් සමඟම මේ අරගලය කරද්දි ගැටුනා, හැබැයි අපි හමුදාම සමග මේ ආකාරයෙන් කවදාවත් ගැටිලා නෑ… හමුදාව අපිට කවදාවත් අමානුෂික විදිහට පහර දීලත් නෑ. සාදාරණ සැකයක් තියනවා කුලියට ගත්ත හමුදාවක් එවුවද කියලා. ටිකෙන් ටික ඒක ඔප්පුවීගෙනද යනවා…. අදාල ශාක්ෂි අරගලය 𝐟𝐦 වන අපිද එලියට දැමීමට සියල්ල සකසමින් සිටිනවා….
අරගලයට ජය…..

මෙම සිදුවීම ඒ සඳහා උදාහරණයක් 👇👇👇

උපුටාගැනීමකි.,
කතාව කෙටියෙන් කියන්නම්,
මෙහෙම ගහන්න එකම හේතුව phone එක අතේ තිබුන එක, පෙරේදා රෑ එහෙම නැත්නම් ඊයේ උදේ පාන්දර 2am වගේ මගේ phone එකට call එකක් ආව
“පුතේ අපේ පුතා ගෝඨාගෝගම ඉන්නෙ එතන කලබලයක්ලු පුලුවන්නම් එයාව ඔයාගෙ ගෙදර එක්කන් එන්න” කියල,
පැති දෙකකින් යන්න උත්සාහ කරත් යන්න බැරි වුන නිසා කොල්ලුපිටිය පැත්තෙන් යන්න උත්සාහ කරා, Cinnamon grand හොටෙල් එක ඉස්සරහ වාහනේ නවත්තලා ගෝල්ෆේස් එක පැත්තට යන්න පයින් ඇවිදන් ගියා, යනකොට දෙන්නෙක් දුවගෙන ආව
“බුදු අයියෙ ඒ පැත්තට යන්න එපා උන් පිස්සො වගේ ගහනව “කියල,
අපි එතනින් එහාට යන්නෙ නැතුව බිම පේමන්ට් එකේ ඉදගෙන බලන් හිටිය, ටිකක් වෙලා යනකොට Air Force එකේ හයදෙනෙක් විතර ඇවිත් අපෙන් phone එක ඉල්ලුව, කුනුහරුප කියල බැනපු නිසා phone එක දුන්න,phone එක අරන් පොළවේ ගහලා ඒත් එක්කම
“උඹල ආවෙ අරගල කරන්නද දෙන්නන් උඹලට යමන් “කියල
මටයී මගේ යාලුවටයී ගගහා ඇදගෙන ගියා ගුටිකාලම ඇවිද ගන්න බැරුව යනකොට තුවක්කුවකින් ඔලුවට ගැහුව,
“ලේ එනව ගහන්න එපා” කියනකොට උඹලට තාම ගැහූවේ නෑ යමන් දෙන්න කියල අතුරු පාරකට එක්කන් ගියා, යනකොට එතන තව තුන්දෙනෙක් දන්ගස්සල තිබුන,අපිටත් දනගහගන්න කියල පැය එකාමාරක් විතර එක එක විදියට වදකාගාරයක ගහන්න වගේ ගැහුව,එක්කෙනෙක් ඇවිත් බඩට පයින් ගැහුවම විසිවෙලා ගිහින් ලග තිබුන තාප්පෙ වැදුන,එකෙ ඔලුව හේත්තු කරල තව කෙනෙක් ඔලුවෙ තුවාලෙට වතුර දැම්ම,විනාඩි කීපයකින් තව එක්කෙනෙක් ඇවිත්
” උඹලව ගෙනාවෙ සැපට බිත්ති වල හේත්තුවෙලා ඉන්න නෙමෙයි දනගහපන්” කියල
ආපහු කනට ගැහුව, තව එකෙක් ඇවිත්
“උඹ ඩෝන්ට්කෙයාර්ද “කියල අහල ආපහු ගැහුව.මොකද අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඒ වලාවෙත් හරියට කන් ඇහුනේ නැහැ ගහපු පාරවල් වලට,පැය එකහමාරක් විතර එක දිගට හිතේ හැටියට ගහල තමයී අපිව අත ඇරියේ , කොටින්ම කිව්වොත් ගුටිකාපු තරමට අපිට අඩියක් උස්සල අඩියක් තියාගන්නවත් බෑ අපිට පණක් තිබුනේ නැහැ, කිසිම වරදක් නොකර මේ තරම් අමානුෂික විදියට අපිට පහර දෙන්න එකම හේතුව අපේ අතේ phone එක තිබුන එක, කිසිම ආයුධයක් නැති නිරායුද පුද්ගලයන්ට phone එකක් අතේ තිබුනූ පමණින් මෙහෙම පහර දෙන්න පුලුවන්ද ?

ගුවන් හමුදාපති තුමනි මේ ඔබේ අවධානය පිනිසයි,.”
උපුටා ගැනීම අවසන්… ලෙස එහි සටහන්ව තිබේ.

නමුත් ගුවන් හමුදාධිපති මේ වෙනුවෙන් කිසිම පරීක්ෂණයක් කරනු ඇතැයි අප විශ්වාස නොකරන නමුත් එසේ යමක් නොකිරීම ගුවන් හමුදාධිපති ඇතුලු අධ්‍යක්ෂක මංඩලයට සහ ගුවන් හමුදා සාමාජකයන්ගේ දරුවන්ට පවා විදේශගත වීම් , පුහුණුවීම්, සාමසාධක හමුදා රාජකාරී ආදි අහිමි වීමට සම්පුර්ණයෙන්ම ඉඩකඩ තිබේ. මේ වන විටත් සාම සාධක හමුදා මෙහෙයුම් සදහා ශ්‍රී ලංකා හමුදාව නුසුදුසු බවට නිර්දේශකර තිබෙන බව අප මීට පෙරම වාර්තා කර තිබේ.

මෙම සිදුවීම භමුදා සහ සිවිල් ජනතාව අතර දැවැන්ත ගැටුමක් නිර්මාණය කර තිබෙන අතර මෙය සමණය කිරීම හමුදා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම හෝ සිවිල් වැසියන්ගේ කෝපයතුලින් නොහැක. මෙය සමණය කර නොගතහොත් මෙරට සිංහල සිවිල් ජනතාව අවි ආයුධ අතට ගැනීමේ ඉඩකඩ වැඩි වී රට නැවතත් ගිනි ගනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නැගී සිටින ප්‍රජාවද දිනෙන් දින වැඩිවිය හැකි අතර 88/89 කාලයන්හිදී සිදු කල ආකාරයෙන් කටයුතුකල හැකි යැයි සිතන්නේ නම් එයින් කියැවෙන දේ නම් ” ඔවුන් නුතන ලෝකය” ගැන නුගත් ” වනචාරීන්” බවයි

Exit mobile version