ගොඩකවෙල සාහිත්‍ය කලා උත්සවය ආරම්භ වෙයි. පැරණි මිලටම පොත්ද ලබාගත හැකිය.

“සිරිබර පුරවර – “සාහිත්‍ය හරසර” සාහිත්‍ය කලා මංගල්‍ය ගොඩකවෙල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී මේ වන විටත් ආරම්භව ඇත. මෙහි විශේෂත්වය වන්නේ පැරණි මිලටම මෙහිදී පොත් ලබාගැනීමට හැකි වීමයි

“සාහිත්‍ය හරසර” උළෙල සැප්තැම්බර් මස 23,24,25 සහ 26 යන දිනයන්හි දී පෙරවරු 09.00 සිට ප.ව.08.00 දක්වා දවස ක්‍රියාත්මක වීමට නියමිත අතර වැඩසටහන් පහත පරිදි ක්‍රියාත්මක වීමට නිමිතය.

අද (23) දිනයේ පෙ.ව.09.00 ට ළමා පුස්තකාලය විවෘත කිරීම, ඊ පුස්තකාල සේවාව දියත් කිරීම, පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීම සහ දැනුම මිණුම තරඟයක් ද දවස පුරා පැවැත්වීඹට නියමිතව ඇති අතර මෙම කටයුතු මේ වන විටත් ආරම්භව ඇති බව වාර්තා වේ. එමෙන්ම අද පස්වරු 04.00 ට ළමා චිත්‍රපට ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතව ඇත.

2022.09.24 –        පෙ.ව.09.00 – පොත් ප්‍රදර්ශනය ආරම්භය

                            පෙ.ව.10.00 – චිත්‍ර තරඟය (ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.)

                            ප.ව.04.00 – ළමා චිත්‍රපට ප්‍රදර්ශනය

2022.09.25-         පෙ.ව.09.00 – පොත් ප්‍රදර්ශනය ආරම්භය

                            දැනුම මිනුම තරඟය දවස පුරා

                            ප.ව.04.00 – ළමා චිත්‍රපට ප්‍රදර්ශනය

                            ප.ව.07.00 – හිටිවන කවිමඩුව ( දිවයිනේ දක්ෂ කවියන් හා කිවිඳියන්ගේ සහභාගීත්වයෙන්)

2022.09.26-         පෙ.ව.09.00- පොත් ප්‍රදර්ශනය ආරම්භය

                            දැනුම මිනුම තරඟය දවස පුරා

                            ප.ව.02.00 – සාහිත්‍ය දේශනය – සරත් මුත්තෙට්ටුපොළ මහතාගේ    ප්‍රධාත්වයෙන්

                            ප.ව.04.00 – ළමා චිත්‍රපට ප්‍රදර්ශනය

විශේෂයෙන් මෙහිදී ගොඩකවෙල නගරයේ ප්‍රධාන පොත්හල් හා එක්ව පැරණි මිලට අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය ලබා දීම සිදු කෙරෙන අතර මේ සඳහා සහභාගී විමෙන් දැනුම කුසලතා මෙන්ම දරුවන්ට අවශ්‍ය පොත්පත් ද පැරණි මිලට ගබා ගැනීමේ හැකියාව පවතියි.

එමෙන්ම දිවයිනේ ජනප්‍රිය පොත් ප්‍රකාශන ආයතන විසින් රචිත පොත් සඳහා විශේෂ වට්ටම් සහිතව අලෙවි කිරීම ද සිදුවේ.

Exit mobile version