ගොම්මන් රටේ ඉන්ධන කළමනාකරණයට ගම්මන්පිලගෙන් යෝජනා 10 ක්

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමය යෝජනාවලියක් සකස් කර ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අදාළ යෝජනාවලිය පහත දැක්වේ.

1.         එන්ජින් ධාරිතාව 2,000 CC ට වැඩි කාර් සහ ජීප් භාවිතය තාවකාලික නතර කිරීම.

2.         කෙටි දුර ධාවනයට ආසන රහිත බස් රථ හඳුන්වා දිය යුතුයි.

3.         කෙටි දුර ධාවනය සඳහා බයිසිකලය ජනප්‍රිය කළ යුතුයි.

4.         සඳුදා, බදාදා, සිකුරාදා කාර්යාලයට පැමිණ වැඩ කර අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට වැඩ කිරීම.

5.         පාසල් අධ්‍යාපනය සඳහාද දවස් තුනක් පාසල් පවත්වා අනෙක් දවස් දෙක ZOOM යෙදුම ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීම.

6.         සියලුම රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නිවාස ආසන්නයේ පිහිටි කාර්යාල වෙත මාරු කිරීම.

7.         සියලුම පුද්ගලික ආයතන zoom හෝ වෙනත් මාර්ගගත වේදිකා හරහා රැස්වීම් පැවැත්වීම.

8.         මාර්ග තදබදය අවම කිරීම සඳහා වෙනත් ජාතීන්ට සමාන නම්‍යශීලී රාජකාරි වේලාවන් හඳුන්වාදීම.

9.         බයිසිකල් පැදීම ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් හඳුන්වා දීම

10.       පාසල් යාමට නොහැකි දරුවන්ට Zoom හෝ මාර්ගගත වේදිකා හරහා පන්තියට පැමිණීමට අවස්ථාව සලසා දීම.

Exit mobile version