ගෝඨාභය නිසා රටවල් ගණනාවකට ප්‍රශ්න

ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත් කල නායකයෙකු ලෙස නම් දරණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා මේ වනවිට ලොවපුරා රටවල් රැසක් අපහසුතාවයට පත්ව තිබේ.

රාජපක්ෂලාට උදව් කරන බවට ඉන්දියාවට එරට මාධ්‍ය වලින්ම චෝදනා එල්ල වීමත් සමග නරේන්ද්‍ර මෝදිටද ගැටළුවක් මතුව තිබේ.

අමෙරිකාවත් ගෝඨාභය ප්‍රතික්ෂේප කරමින් වීසා ලබාදීම අත් හිටුවනු ලැබුවා.

ජනාධිපති මාලදිවයිනට යාමත් සමග එරට තුලත් විරෝධතා මතුවීමට පටන් ගෙන ඇත.

එමෙන්ම, කලක් ලෝකයේම අවධානය දිනාගත් රුසියන් – යුක්‍රේන ගැටුමටත් මේ වනවිට ශ්‍රී ලංකාව මැදිහත් වී ඇත. ඒ ඊයේ යුක්‍රේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිවයුතු බව ප්‍රකාශ කිරීමත් සමගයි.

මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ගමන් කිරීමට බලාපොරොත්තු වන රටවල් යම් ගැටළුවකට ලක්ව ඇති ආකාරයක් විදෙස් මාධ්‍ය මගින්ද පෙන්වා දී ඇත. ඒ ඔහුගේ ආගමනයත් සමග එම රටවල් වලත් විරෝධතා මතුවීමේ ප්‍රවණතාව හේතුවෙන්.

මේ අතර ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටද යෝජනා වී තිබුනේ ගෝඨාභය ජාත්‍යන්තර වරදකරුවකු කර අත් අඩංගුවට ගැනීමට කටයුතු කල යුතු බවටයි.

Exit mobile version