ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පුරුවෙන්  අනතුරු හැඟවීමක්. ඒත් තවමත් හොරු ටික ලංකාවේ.

ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම සිංගප්පූරුවේ රැඳී සිටීම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇතිකරන්නක් විය හැකි බව සිංගප්පූරු බළධාරීන් නිවේධනය කර තිබෙන බව වාර්තා වේ..

මේ නිසා ඉතා ඉක්මනින් සිය රටින් පිටව යන ලෙස එරට රජය, ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇති බව වාර්තා වේ.

පසුගිය 09 වැනිදා පැවති අරගලයේ තීරණාත්මක සිදුවීම්වලින් පසු මාලදිවයින වෙත ගිය හිටපු ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර මේ වනවිට ඔහු සිය හිතවතෙකුට අයත් තට්ටු නිවාසයක රැඳී සිටීන බව විවිධ වාර්තා වල සදහන් වේ.

මීට දින කිහිපයකට පෙර  ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇති සිංගප්පූරු ස්වදේශ කටයුතු අමාත්‍ය කාසිවිශ්වනාදන් ෂන්මුගම් දැනුම් දී තිබෙන්නේ තවදුරටත් සිංගප්පූරු රජයේ ආරක්ෂාව ලබාදිය නොහැකි බවයි. එනිසා දින 15 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඔහුට දැනුම් දී ඇති බව වාර්තා වේ..

මතුව ඇති තත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවට ඇතුළුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉන්දීය බළධාරීන්ගෙන් ඉල්ලා ඇති නමුත් ඉන්දියාවද එය දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.  

මෙරට මහජන අරගල තීව්‍ර වීමත් සමග සාමකාමී දේශපාලන බල හුවමාරුවකට යොමුවන ලෙස ඉන්දීය ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබූ නමුත්  නමුත් ගෝඨාභය මහතා එම ඉල්ලීමට එකඟ නොවූ බවද වාර්තා විය.

ශ්‍රී ලංකාව මේ තත්වයට ඇද දැමීම ආරම්බ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ නොවේ. එය ආරම්භ වන්නේ දශක කිහිපයකටත් පෙර සිටය. එහි දූෂිතම කාල පරිච්චේදය ආරම්බ වන්නේ මහින්ද රාජපක්ෂගෙනි. මහින්ද රාජපක්ෂගෙන් බිහි වූ හොරු දහස් ගනනක් නිදැල්ලේ ශ්‍රී ලංකාව තුල සිටිති. කවුරු ජනාධිපති වුවත් මේ ක්‍රමය වෙනස් නොවන තාක් ශ්‍රී ලංකාව ගොඩ නැගීම ලෙහෙසි කටයුත්තක් නොවනු ඇත.

Exit mobile version