ගෝඨාභය සමග එක් ව යාපනය කොටුව බේරා ගත් හැටි ෆොන්සේකා සිහි කරයි  – ප්‍රභාකරන්ට ද ස්තුතියක්

මීට වසර තුනකට පමණ ඉහත දී යාපනය කොටුව මුදා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මතක ආවර්ජනයක යෙදී තිබෙනවා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ එවකට ගෝඨාභය රාජපක්ෂ තමන් යන දෙදෙනා ම ලුතිනන් කර්නල් ධුරවල රාජකාරි කරමින් සිටි බවයි.

බ්‍රිගේඩියර් ජානක පෙරේරා මහතා ද මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටි අයුරු සහ දින ගණනක බිහිසුණු සටනකින් පසු යාපනය කොටුව මුදා ගැනීමට හමුදාවට හැකි වූ අයුරු ද ඔහු මෙහි දී  සිහිපත් කර තිබෙනවා.

2009 වසරේ ලද විජයග්‍රහණයට වසර 14ක් සපිරෙන මේ වසරේ තමන්ට ඇත්තේ කනගාටුවක් බව ද  පවසන සරත් ෆොන්සේකා මහතා ඒ සියල්ලට රාජපක්ෂ පවුල වගකිය යුතු බව ද  සඳහන් කර තිබීම විශේෂත්වයක්.

Exit mobile version