චක්කරේ පාඩම් නොකළ සිසුවියට ඉදල් මිටෙන් ගහලා .

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පාසලක සිසුවියක් චක්කරය පාඩම් නොකිරීම සහ පැවරූ වැඩ නොකිරීම නිසා එම පාසලේ ගණිත ගුරුවරයා විසින් සිසුවියට ඉදල් මිටෙන් පහර දුන්නා යැයි කියමින් ගණිත ගුරුවරයාට එරෙහිව සිසුවියගේ මව විසින් පොලීසියට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.

පහර කෑමට ලක් වූ සිසුවිය ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී ඇති අතර සිසුවියට රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

පැම්ණිකාර පාර්ශවය සහ පහර දුන්න යැයි කියන ගණිත ගුරුවරයා ද කැදවා නඩුව විභාග කිරීමට ආරච්චිකට්ටුව පොලීසිය කටයුතු කරන බව වාර්තා වේ .

Exit mobile version