චමුදිතටත් අමාරු කාලයක්. කපු මහත්තුරු බලන්න ගිහින්…

ලංකාව තුළ ගුරුකම් කරනවා යැයි කියාගත් පිරිස් එන්න එන්නම වැඩි වීමක් දැක ගත හැකි අතර මෙම කපුවන්ගෙන් 85% ක්ම හොර කපුවන් බවට… පාරම්පරික ගුප්ත ශාස්තඥ රොෂාන් චානක තිසේරා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවේදී හෙළි කරන ලදි.

රොෂාන් චානක ප්‍රකාශ කර සිටින්නේ අද වන විට බොරු මවාපෑම් මගින් යම් යම් දේවල් ලබා දෙන බව පවසමින් බොහෝ කපුවන් ව්‍යාජ රංගනයක නිරත වන බවයි.ඔවුන් පවසන්නාක් මෙන්ම යම් යම් දේවල් කර පෙන්වන්නේ නම් තමා මෙම ක්ෂේත්‍රයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම තමාද මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධයෙන් කටයුතු කළ අවස්ථා ලෙස මෛත්‍රීපාල මහතා හට මිනුවන්ගොඩ ගලේ දේවාලේ ගුරුකමක් කර රට භාරගැනීමට අවස්ථාව සලසා දුන් අතර මෙය බොරුවක් නොව සත්‍යක් බවත් මේ සදහා වූ භාර හාරද ඔප්පු කළ බවත් ,සජිත්ටද ගුරුකමක් කළ නමුත් ඔහු ලබා දුන් බොරු කේන්ද්‍රය අනුව ඔහුට සිදුකළ ගුරුකම වැරදුණු බවද මෙහිදී පවසා සිටී.

එසේම තමාගෙන් ගුරුකම් කරගත් සැලකිය යුතු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටින බවද ,නමුත් අද වන විට පාර්ලිමේන්තුවට ගොස් ඇමතිවරු කළ විනාශය හේතුවෙන් තමා කළ දේ පිළිබඳව ලැජ්ජාවට පත් වන බවත් නැවත මැති ඇමති කෙනෙක්ට ගුරුකමක් කරන්න කළින් දෙපාරක් හිතා බලන බවද සදහන් කර තිබේ.

තවද මෙම ක්ෂේත්‍රය අප රටේ මෙන්ම විදේශයන්හීද සිදු කරන බවත්, ලංකාව තුළ ආසන්න කාලයකදී හමුවූ ලොකුම හොර කපුවා වන්නේ වික්‍රමාරච්චි නම් අයෙකු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෑත කාලයේදි මාධ්‍යයෙන් කළ වැඩසටහන්වලදී මේ විෂය බොරු කියලා පදනමක් තියෙන කතාවක් කවුරුවත් පවසා නොමැති බවත් පදනම් නැති ගැලපෙන්නෙ නොමැති කතාවක් Dr. ජනක ජයසූරිය මහතා ,Dr.සෙනරත් වේරගම,P.N. කුලපති යන අය විසින් පවසා තිබෙන බවට වාර්තා වේ.

එලෙසම ජාතික රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ පුද්ගලයන් තිදෙනෙකු විසින් එක් අයෙකු ප්‍රශ්න කිරීම සදහා යොදාගත් අතර මෙහිදී නිවේදිකාවට මෙන්ම අනෙකුත් අයට අභියෝග කර තිබේ .මෙම වැඩසටහන පිළිබඳව ජාතික රූපවාහිනිය දැඩි අවධානයක් දැක්විය යුතු බවට මොහු විසින් අවධාරණය කර තිබේ.

එමෙන්ම මාධ්‍ය ආයතනකින් සල්ලි ලබා ගෙන බොරු මවාපෑමක් ඔස්සේ වැදගත් ප්‍රතිරූපයක් ගොඩනංවාගෙන මෙහෙමයි මෙහෙමයි කියා මිනිසුන් ගොස් ලක්ෂ ගණනක් වියදම් කරන බවට සදහන් කර තිබේ.යන්ත්‍ර මන්ත්‍ර ක්ෂේත්‍රය බොරුවක් නොවන නමුත් මෙය බොරුවට භාවිත කරන අය බොහොමයක් සිටින බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම හෙණරාජ තෙල් ගෑම මගින් වෙඩි නොවදින බවට ප්‍රකාශ කර ඇත්නම් එය ඔප්පු කිරීමට තමා සූදානම් බවත් යම් අසනීප තත්වයකදී දෝෂ ඉවත් කිරීමට දෙහි කපා රෝගියාගේ දෙපා පාමුල තෙල් රත්වෙන්නට තබා අතින් තෙල් ගෑම සාමාන්‍ය දෙයක් වුවද සමහරෙකු මෙය මන්තර බලය යැයිද ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෝල් ගස් දෙක ලං කිරීම මන්තර බලයෙන් සිදු කළා යැයි මිනිසුන් ගොනාට අන්දමින් ලක්ෂ 3ක් 4ක් නියම කරන අතර මොකක්ද මෙහි තේරුම යනුවෙන් ඔහු ප්‍රශ්න නගන අතර මානසික ඒකාග්‍රතාවයක් ඇති හිත දියුණු කළ පුද්ගලයාටත් මෙය සිදු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.

රොෂාන් චානක මහතා විසින් ගුරුකම් කියා රැවටී මිනිසුන් ලක්ෂ ගණනින් වියදම් කරන සමහර ගුරුකම් ක්‍රම මාධ්‍ය හරහා සාක්ෂි ඇතිවම මෙම ක්‍රියා කපුවන්ට පමණක් නොව සාමාන්‍ය පුද්ගලයන්ටද සිදුකළ හැකි බවට ඔප්පු කර පෙන්වන ආකාරය දැකගත හැක.

එමෙන්ම තමා සිදු කළ ක්‍රමවේද සමග ඕනි අයෙකු සමග අලුත් හෝ පරණ ක්‍රමවේද ඔස්සේ ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමා සූදානම් බවද වැඩිදුරටත් සදහන් කර තිබේ.

මේ බව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

Exit mobile version