චමුදිත අද ශ්‍රී ලංකාවේ ඉහලම අධිකරණයට!. නීතිඥවරුන්ටත් පෙනී සිටින්න බෑ. ඔහු පෞද්ගලිකවම පෙනී සිටිමින් පිළිතුරු දිය යුතුයි.

ශ්‍රී ලංකාවේ පවතින ඉහලම අධිකරණය වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව තුල පවතින වරප්‍රසාද කමිටු, තේරීම් කාරක සභා වැනි පරීක්ෂණ මණ්ඩල සියල්ලම ක්‍රියාත්මක වන්නේ අධිකරණ ආකාරයටය. ඒවායේ කටයුතු වලදී කිසිම පුද්ගලයෙකුට තමන් වෙනුවෙන් නීතිඥවරයෙකුටවත් කරුණු දැක්වීමට ඉඩක් නොලැබේ. මහජනතාව විසින් තමන්ගේ හිත්ගත් උත්තරීතර මිනිසුන්ට තමන්ගේ පරමාධිපත්‍ය බලය ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර පාර්ලිමේන්තුවට එවයි. මහජනතාව කවුරුන් හෝ ඔවුන්ට එරෙහිව යම් වරදක් කලොත් එය මහජනතාවටම එරෙහිව කටයුතු කල සේ සලකා, තමන්ගේ වරප්‍රසාද කඩ වූ බවට කතානායකවරයාට පැමිණිලිකළහොත් එය විභාගකර දඩුවම් ලබා දීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තිරණය කරයි.  

මහජනතාව විසින් පත්කර එවන ඔවුන්ගේ උත්තරීතර මිනිසුන්ගෙන් එක අයෙකුවන පර්ලිම්න්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජකපක්ෂ මහතාගේ ඉඩමක ගංජා හේනක් පිලිබදව ප්‍රශ්නයක් පසුගිය කාලයේ ප්‍රධාන පුවත්පත්වල මෙන්ම සමාජ මාධ්‍යජාලවලද වාර්තා විය. එසේ වාර්තාකරණ ලද පුවත් විශ්ලේෂණය කරමින්, “හිරු” රුපවාහිනියේ උදෑසන පුවත් විකාශය කරන ලද ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අද (06) මෙම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කමිටුවට කැඳවා තිබේ. ඒ අජිත් රාජපක්ෂ මහතාගේ ඉඩමක තිබු බව පැවසෙන ගංජා හේන පිලිබඳව ප්‍රශ්නය චමුදිත සමරවික්‍රම මහතා වාර්තා කිරීමේදී ඔහුගේ වරප්‍රසාද කඩ වූ බවට කරන ලද ප්‍රශ්නයකටය.

මෙහිදී කිසිදු නීතිඥ සහයක් නොමැතිව, තම මහජන නියෝජිතයාට පිළිතුරුදීමට චමුදිතට සිදු වේ. නියෝජ්‍ය කතානායකවරයා මෙන්ම සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ සමස්ත ශ්‍රී ලංකාවමය. මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශණයේ අයිතියද තහවුරු කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් විසින්මය. ඒ අනුව වාර්තාකරණ ලද පුවතක් විශ්ලේෂණය කිරීමේදී මන්ත්‍රී වරප්‍රසාද කඩ වී තිබේදැයි මෙහිදී පරික්ෂා කරනු ඇත. එහිදී නඩු අසන්නේද තමන්ගේ හිතවත් මන්ත්‍රී මණ්ඩලය විසින්මය. එසේම තමන්ගේ ඉඩමක මෙවැනි සිද්ධියක් සිදු වුයේ නම් එයට නියෝජ්‍ය කතානායකවරයා අපරාධ නීතිය යටතේ වරදක් කර තිබේ. අපරාධවලින් ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීම වේ. කෙසේ නමුත් අජිත් රාජපක්ෂ මහතාට එරෙහිවද නඩුවක් පැවරිය යුතු වුවත් එය එසේ වුවාද යන්න වාර්තා වුයේ නැත. එම සිදුවීම සිදුවන්නේ ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස නොවේ. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවුයේද යන්න අද තීරණය කරනු ඇත. තම පුද්ගලික දේවල් වෙනුවෙන් මෙම ආයතනය භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය.

සෑම දෙයකම දෙපැත්තක් තිබේ. උගත් , බුද්ධිමත් රටට හිතැති මිනිසුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවන්නේ නම් පාර්ලිමේන්තුව වුවත් කෝලම් මඩුවක් බවට පත්වන්නේ නැත. මහජනතාවම තම දේශපාලන නායකයන් පිලිබදව දැඩි අප්‍රසාදයෙන් කතාකරන්නේ, මහජන නියෝජිතයන්ගේ නොමනා වැඩ නිසාමය. එසේම තමන්ගේ නියෝජිතයන් වැරදි කරනවා නම් ඒවා විවේචනය කිරීමට මහජනතාවට අයිතියක් තිබේ.එම අයිතිය පිලිබඳවවත් දැනුමක් තමන් තොරා පත්කර යවන මන්ත්‍රීවරයාට නොමැතිවීමෙන් අපට අහිමිවන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම මහජන බලය මහජනතාවටම එරෙහිව යොදාගැනීම ඛේදනීය තත්ත්වයකි .

ශ්‍රී ලංකාවේ සිදුවන බොහෝ වංචා , දුෂණ මෙන්ම අකටයුතුකම්ද, මහජනතාවට සිදුවන හිංසා මෙන්ම පීඩාද, මහජන සාමය, ඔවුන්ගේ පැවැත්මට හානිකරන බොහෝ කටයුතු සමාජයට හෙළිකිරීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කරනුයේ මාධ්‍යවේදීන් විසිනි. චමුදිත සමරවික්‍රම මහතාද එය සිදුකරමින් සිටි. ඔහු තරම් අධිකරණවලට යන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින තවත් මාධ්‍යවේදියෙක් ශ්‍රී ලංකාවේ සිටින බවට අපට වාර්තා නොවේ. එවන් වටපිටාවක,නීතිවිරෝදී ගංජා ප්‍රශ්නයක් මත වරප්‍රසාද කමිටුවේ පෙනී සිටීමද ඔහුට සාමාන්‍ය දෙයක් වනු ඇත. නමුත් මන්තිරිවරුන් පත්වන්නේ අවුරුදු 5 කටය. වර්තමන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අති බහුතරයක් ඊ ලඟ මැතිවරණයේදී පරාජයට පත්වන බව දැනටත් ඔප්පු වී අවසන්ය. තමන්කරන වැරදි වලට දඩුවම් විදීමට හෝ , ඔවුන් නිර්මානය කර තිබෙන අවිනීතියෙන් හෝ දඩුවම් විදීමට ඔවුන්ට සිදුවන්නේ තමන් පැරදුනු පසුවය. එසේම තමන්ට බලය අහිමි වූ දිනයක තමන්ට අසාධාරණයක් සිදු වූව හොත් එය සමාජ ගත කිරීමටද මාධ්‍යවේදීන් සිටිය යුතුය. තමන් වෙනුවෙන්, තමන්ගේ මුදල් මත යැපෙන මාධ්‍යවේදීන් පමණක් සිටීමෙන් පලක් නැත. ඒ සදහා සත්‍ය දකින සියලුම මාධ්‍යවේදීන් එය දැකිය යුතුමය.

එබැවින් මහජන නියෝජිතයන් ප්‍රථමව තම වපසරිය දැකිය යුත්තේ මහජනතාව වෙනුවෙනි. එසේම අප සියලුම දෙනාගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කල යුත්තේද ඔවුන්මය. අප ආරක්ෂා කරන ඔවුන් ද නිරන්තරයෙන්ම ආරක්ෂාවන අතර, බලය අහිමි වූ කල සාමාන්‍ය පුරවැසියන් වන ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් සමග සතුටින් සිටිනු ඇත. එය එසේ වීමට නම් සියලුම මන්ත්‍රීතුමන්ලා මහජන අයිතිවාසිකම්වලට ගරුකළ යුතුමය. එසේම බුද්ධිමත් මන්ත්‍රීතුමන්ලා විසින් හෝ මහජනතාවගේ උත්තරීතර ආයතනය ආරක්ෂාකල යුතුමය.  

Exit mobile version