පසුගිය දා මැර ප්‍රහාරයකට ලක් වූ චමුදිත සමරවික්‍රම මහතාට වහාම ආරක්ෂාව සපයන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කරන ලදී.
ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් කැස්බෑව මහේස්ත්‍රාත් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ වහාම ඔහුට ජීවිත ආරක්ෂාව සපයන ලෙස මෙම නියෝගය නිකුත් කර ඇත.
රාවණා සටහන
සමස්ත ශ්‍රී ලංකාවම කැළඹීමකට ලක්කළ මෙම නින්දිත ප්‍රහාරයේ වින්දිතයෙකු වූ චමුදිත සමරවික්‍රම මහතාට මෙසේ ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකාව තුළ පවත්නා නීතියට අනුව අධිකරණය මැදිහත්වීම සහ අධිකරණයේ ස්වාධීනත්වය මැනවින් පෙන්වා දීම තුළ සියලු පුරවැසියන්‌ේ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමක් ද වන අතර මෙම නියෝගය සියලු මාධ්‍යවේදීන්ගේ සහ යුක්තිගරුක පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමක් වශයෙන් ද දැක්විය හැක. මේ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
