තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන මස 6 වන දින ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර මෙම රාජකීය උත්සවයේ ආචාර පෙළපාලිය සදහා හමුදා සාමාජිකයින් 5000 කට අධික පිරිසක් සහභාගී කර ගැනීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මෙයට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 30 කට අධික සංඛ්‍යාවකින් ආරක්ෂක අංශ නිලධාරීන් එක් කර ගැනීමට නියමිත බවත් , යානා 60 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී කර ගනිමින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට නියමිත බවත් , කාලතුවක්කු වෙඩි මුර ආචාර පුද කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරයි .