වදවී ගිය බව ප්‍රකාශයට පත් කර වසර 70 කට පසු ඉන්දියාවට චීටා සත්වයන් නැවත හදුන්වා දීමේ ව්‍යාපෘතිය අර්බුදයකට මුහුණ පා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජන්ම දිනයට සමගාමීව ඉන්දීය වනාන්තරයක් තුළ චීටාවන් බෝ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බව සදහන්.
ඒ අනුව පළමු අදියර යටතේ දකුණු අප්‍රිකාවෙන් සහ නැමීබියාවෙන් චීටා සත්වයන් 20 දෙනෙකු මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානයට මුදාහැර ඇති අතර, ඉන් මේ වන විට චීටා සතුන් හයදෙනෙකු මියගොස් ඇති බව සදහන්.
ඉන්දියානුවන් මෙම ව්‍යාපෘතිය කළමනාකරණය සිදු කරන ආකාරයේ යම් ගැටලුවක් පවතින බවට දකුණු අප්‍රිකානු සහ නැමීබියානු විශේෂඥයන් චෝදනා කර තිබේ.
