චීනයට රතු නිවේදනයක්.

ඩොක්සුරි සුළි කුනාටුව හේතුවෙන් නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසකට රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

පැයට කිලෝමීටර් 175ක වේගයෙන් සුළං හමා යන අතර ,ෆූජියාන් වෙරළ ආසන්නයේ පවතින මෙම සුළි කුණාටුව අද දිනයේ නැගෙනහිර චීනයට ළගා වනු ඇති බව සදහන්.

එහි බලපෑමෙන් දැනටමත් ක්වැන්ෂෝ නගරයේ ගංවතුර සහ තද සුළං හමුවේ ගස් කඩා වැටීම් වාර්තා වී තිබේ.

මෙම සුළි කුණාටුව පළමුව පිලිපිනයට කඩා වැදුණු අතර තායිවානයටද එමගින් බලපෑම් එල්ල වී තිබේ.

Exit mobile version