අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ පැනමා ධජය රැගත් නෞකාවක සිටියදී රෝගාතුර වූ චීන ජාතිකයෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
අදාළ චීන ජාතිකයා හෘදයාබාධ රෝග ලක්ෂණ පෙන්වා ඇති බව සඳහන් .
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ අදාළ නෞකාවෙන් හදිසි සහය ඉල්ලා සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය වෙරළාරක්ෂක භට කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම දියත් කර තිබූ බවත් , මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය විසින් ඉන්දීය වෙරළාරක්ෂක බලකායට ප්‍රශංසා කර ඇති බවත් ය.
