චීනයෙන් සහල් ටොන් 2,000ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන චීන රජය මෙම තීරණය ගත් බවයි.

දෙරට අතීතයේ පටන් එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල දී සහාය දක්වන බැවින් චීන රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Exit mobile version