පසුගිය කාලවකවානුවේ මතභේදයන්ට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවීමට මහජන බැංකුව තීරණය කර ඇත.
අදාළ මුදල අද (07) මහජන බැංකුව විසින් එම සමාගම වෙත ගෙවීමට නියමිතව ඇත.
කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමාගම වෙත එම මුදල ගෙවීමට තීරණය කළ බවයි මහජන බැංකුව ප්‍රකාශ කළේ.
මෙරටට එම පොහොර නෞකාව භාර නොගත්තද ප්‍රමිතියෙන් යුක්ත පොහොර නැවත ලබා දීමට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.
එමේ අනුව අදාළ සමාගම වෙත මුදල් මහජන බැංකුව ඔස්සේ ගෙවීමට නියමිතව ඇත.
