චීන මහ බැංකුවෙන් තවත් ණයක්

චීන මහබැංකුව විසින් මෙරට විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හුවමාරු ගනුදෙනුවක් සිදුකිරීමට තීරණය කර ඇත.

මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා සඳහන් කළේ එම මුදල මෙම සතිය තුළ දී ලැබීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෙම විනිමය හුවමාරුව ද සමග මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 03ක් පමණ වනු ඇති බවයි.

Exit mobile version