චීන සහල් ආධාරයෙන් කොටසක් දිවයිනට.

චීනයෙන් ලබාදෙන ලද සහල් මෙට්‍රික් ටොන් 500ක් සහිත නෞකාවක් ඊයේ (25) කොලඹ වරායට පැමිණ ඇත.

මෙම සහල් තොගය චීනයෙන් මෙරටට ලැබෙන පරිත්‍යාගයක් වශයෙන් ලැබී ඇති අතර මෙම සහල් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ලබා දීමට කටයුතු කිරීමට නියමිතව ඇත.

එමෙන්ම එළඹෙන සතියේ දී තවත් සහල් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

මෙරටට චීන ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ලැබීමට නියමිතව ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

Exit mobile version